ආර්ඩුයිනෝ වර්ග ගැන දන්න සිංහලෙන්.
Author: Shazin Sadakath
ආර්ඩුයිනෝ වර්ග ගැන දන්න සිංහලෙන්.
Author: Shazin Sadakath
ආර්ඩුයිනෝ කියන්නේ ලොව ඉතාම ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘති (Electronic Prototyping Project) සෑදිය හැකි පද්ධතියකි.
ආර්ඩුයිනෝ මුල් වරට හදුන්වා දෙනු ලබන්නේ ඉතාලියේ පිහිටි Interaction Design Institute Ivrea (IDII) නම් සමාගමයි. ආර්ඩුයිනෝ නිපදවීමට හේතු පාදක වන්නේ සිසුන් සඳහා ඩෝලර් 100 කට වැඩි මුදලක් ඉලෙක්ට්‍රොනික් පරිපථ සැකසීමට යොදා ගන්නා BASIC Stamp microcontroller සඳහා එකළ වැයවීමයි. 2003 වර්ෂයේ Hernando Barragán විසින් Wiring නම් පරිගණක මෘදුකාංග නිපදවන ව්‍යාපෘතියක් ඔහුගේ පශ්චාත් උපාධියේ කොටසක් ලෙස IDII හි කරමින් සිටියේය. මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කලේ Massimo Banzi and Casey Reas යන අය විසිනි.
Wiring ව්‍යාපෘතියේ මුලික අරමුණ වූයේ ඩොලර් 100ක් වෙනුවට වියදමින් අඩු, සරල ඉලෙක්ට්‍රොනික් පරිපථ සැකසීමට හැකි මෙවලමක් සෑදීම විය. Wiring පද්ධතිය තුළ ATmega168 microcontroller ක් සහිත PCB පරිපථයක් සහ එම පරිපථයට මෘදකාංග නිපදවිය හැකි ඒකාබද්ධ මෙවලමක් (IDE) ක්ද ඇතුළත් විය. 2003 වර්ෂයේ, Massimo Banzi, David Mellis, David Cuartielles සහ තවත් IDII හි ඉගැනුම ලබන සිසුවකු එක් වී වියදමින් අඩු ATmega8 microcontroller ය Wiring පද්ධතියට හදුන්වා දෙන ලදී. නමුත් තව දුරටත් Wiring නමින් වැඩ කිරීම වෙනුවට ඔවුන් විසින් Arduino නම් පද්ධතියකට දිශාව වෙනස් කරන ලදී. පසු කාලීනව මෙය විවෘත මෘදුකාංග/දෘඩාංග ව්‍යාපෘතියක් ලෙස ප්‍රසිද්ධ කරන ලදී, මෙය ආර්ඩුයිනෝවේ උපත විය.
මෙය ලියන අවස්ථාවේදී නිල ආර්ඩුයිනෝ වර්ග 24 ක් පමණ විකිණීමට තිබෙනවා. ඒවාහි නම් වන්නේ;
101
Gemma
LilyPad
LilyPad SimpleSnap
LilyPad USB
Mega 2560
Micro
MKR1000
Pro
Pro Mini
Uno
Zero
Due
Esplora
Ethernet
Leonardo
Mega ADK
Mini
Nano
Yùn
Arduino Robot
MKRZero
MKR1400
MKR1300
නමුත් ශ්‍රී ලංකාවේ විකිණීමට ඇත්තේ මින් වර්ග පහක් හෝ හයක් පමණි. එම වර්ග පහත දැක් වේ.
Uno
Leonardo
Nano
Mini
Mega 2560
මෙය වැඩිම දෙනා කැමැති ආර්ඩුයිනෝ වර්ගය වේ. මෙය දැනට Revision 3 එනම් 3න් වරක් වැඩි දියුණු කිරීමට භාජනය වී ඇත. පාවිච්චියට ඉතාම පහසු, කල් පවතින සහ වැඩිම අමතර එක් කිරීම් (Shields) ප්‍රමාණයක් ඇති ආර්ඩුයිනෝව වේ.
ශ්‍රී ලංකාවේ මිල ගණන් : රු. 930 සිට රු.1000 දක්වා (Online)
මෙයද Uno වර්ගයට ඉතාම සමාන පෙනුමක් ඇති ආර්ඩුයිනෝවක් වේ. මෙම නිසාම Uno වට සම්බන්ධ කල හැකි බොහෝ අමතර එක් කිරීම් (Shields) මෙය සමගද සම්බන්ධ කල හැකිය. Uno ව හා මෙය අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ Leonardo ව USB device යක්, එනම් keyboard, mouse ක් විදිහට ක්‍රියා කරවීමට හැකි වීමයි.
ශ්‍රී ලංකාවේ මිල ගණන් : රු. 1390 සිට රු.1450 දක්වා (Online)
මෙය ඉතාම කුඩා ප්‍රමාණයේ ආර්ඩුයිනොවකි. ATmega168, ATmega328P Microcontroller යනාදී වර්ග දෙක ඇතුලත්වන මාදිලි දෙකකින් මිලදී ගත හැක. අමතර එක් කිරීම් (Shields) නොමැත හෝ අඩුය. මෙය USB cable යකින් program කළ හැක. මෙය ප්‍රවීණයන් සඳහා උචිත වේ.
ශ්‍රී ලංකාවේ මිල ගණන් : රු. 490 සිට රු.700 දක්වා ATmega168, ATmega328P මිල ගණන් වෙනස් වේ. (Online)
මෙය ඉතාම කුඩා ප්‍රමාණයේ ආර්ඩුයිනොවකි. අමතර එක් කිරීම් (Shields) නොමැත හෝ අඩුය. මෙය program කළ හැක්කේ USB Serial adapter හෝ USB හෝ RS232 - TTL serial ඇඩප්ටරයක් මගිනි. මෙය ප්‍රවීණයන් සඳහා උචිත වේ.
ශ්‍රී ලංකාවේ මිල ගණන් : රු. 430 සිට රු.500 දක්වා (Online)
මෙය ප්‍රමාණයෙන් විශාලම ආර්ඩුයිනෝ වලින් එකකි (ආර්ඩුයිනෝ Due ද විශාලය). මෙහි ඇති Microcontroller වන්නේ ATMega2560 එය memory සහ processing හැකියාවෙන් ඉහළය. මෙම නිසා විශාල ව්‍යාපෘති සඳහා මෙය ඉතාම උචිතය. ආර්ඩුයිනෝ Uno වලට සම්බන්ධ කළ හැකි අමතර එක් කිරීම් (Shields) බොහොමයක් මෙයට සම්බන්ධ කළ හැක.
ශ්‍රී ලංකාවේ මිල ගණන් : රු. 1450 සිට රු.1750 දක්වා (Online)
නම |
Processor වර්ගය |
අවශ්‍ය Voltage ප්‍රමාණය |
CPU වේගය |
Analog In/Out |
Digital IO/PWM |
EEPROM [kB] |
ස්ථිතික මෙමරි [kB] |
ෆ්ලෑෂ් මෙමරි [kB] |
USB වර්ගය |
UART ප්‍රමාණය |
ATmega2560 |
5 V / 7-12 V |
16 MHz |
16/0 |
54/15 |
4 |
8 |
256 |
Regular |
4 |
|
ATmega328P |
5 V / 7-12 V |
16 MHz |
06/01/00 |
14/6 |
1 |
2 |
32 |
Regular |
1 |
|
ATmega32U4 |
5 V / 7-12 V |
16 MHz |
12/01/00 |
20/7 |
1 |
2.5 |
32 |
Micro |
1 |
|
ATmega328P |
5 V / 7-9 V |
16 MHz |
08/01/00 |
14/6 |
1 |
2 |
32 |
- |
- |
|
ATmega168 ATmega328P |
5 V / 7-9 V |
16 MHz |
08/01/00 |
14/6 |
0.512 1 |
1 2 |
16 32 |
Mini |
1 |
මීට අමතරව ඔබට ඇති අදහස්, යෝජනා, චෝදනා comment කරන්න.
Интересный пост _________________ [URL=https://zekalocasino.topgameslist.xyz/grand-kazino-bonus-za-registraciyu/]Гранд казино бонус за регистрацию[/URL].
Read MoreИнтересная новость _________________ [URL=https://zekalocasino.topgameslist.xyz/bonus-registraciya-onlayn-kazino/]Бонус регистрация онлайн казино[/URL].
Read MoreИнтересная новость _________________ [URL=https://bk-info-715.site/obzor-poker-ruma-betfair/]Обзор покер рума betfair[/URL].
Read MorePlease login or register to post a comment.
There are currently no comments.