Techtalks.lk තුළින් අප මීට පෙර කීප වතාවක් ආර්ඩුයිනෝ පිළිබඳව කතා කර ඇත්තෙමු. ආර්ඩුයිනෝ වර්ග ගැන දන්න සිංහලෙන් සහ ආර්ඩුයිනෝ UNO ඔරිජිනල් සහ චයිනීස් ක්ලෝන් යනාදී ලිපි ඉතා ශ්රී ලංකික ආර්ඩුයිනෝ ප්රජාව අතර ප්රචලිත වුණා.
අද අප කතා කරන්න යන්නේ ආර්ඩුයිනෝ UNO Wifi Revision 2 යන මාදිලිය ගැනයි. මෙය ආර්ඩුයිනෝ UNO Rev 3 වට පෙනුමෙන් සමාන වුවත් මෙහි සුවිශේෂී වෙනස්කම් කිහිපයක් ඇත. අප දැන් ඒවා මොනවාදැයි බලමු.
මෙම පුවරුව එක් උපාංගයකට එකතු කර එහි ආරක්ෂිත ECC608 encryped චිපය භාවිතා කරමින් WiFi ජාලයකට සම්බන්ධ කිරීමට ඔබට හැකි වනු ඇත. Arduino Uno WiFi යනු Arduino Uno Rev3 වට පෙනුමෙන් සමාන නමුත් WiFi සහ තවත් වැඩි දියුණු කිරීම් එහි ඇත. Arduino Uno Rev3 හි ඇති ATmega328P මයික්රෝකොන්ට්රොලරය වෙනුවට නව 8-bit ATmega4809 මෙහි ඇත. ඊට අමතරව මෙහි Inertial Measurement Unit අවස්ථිති මිනුම් ඒකකයකද ඇත. IMU යොදා ගෙන ධ්රෝන, කෝඩ් කොප්ටර් යනාදිය සඳහා දත්ත ලබා ගත හැක.
තවද Wifi System on a chip (SoC) යොදා ගෙන TCP/IP මගින් Wifi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාවද ඇත. මෙහි විකුණුම් මිල ඇ.ඩෝ. 45 කට එනම් රුපියල් 9000 කට ආසන්න වේ. තාක්ෂණික පිරිවිතර පහත දැක්වේ.
Microcontroller | ATMEGA4809 |
Operating Voltage | 5V |
Input Voltage (recommended) | 7 - 12V |
Digital I/O Pins | 14 — 6 Provide PWM Output |
PWM Digital I/O Pins | 6 |
Analog Input Pins | 6 |
DC Current per I/O Pin | 20 mA |
DC Current for 3.3V Pin | 50 mA |
Flash Memory | 48 KB (ATMEGA4809) |
SRAM | 6,144 KB (ATMEGA4809) |
EEPROM | 256 Bytes (ATMEGA4809) |
Clock Speed | 16 MHz |
LED_BUILTIN | 25 |
Length | 68.6 mm |
Width | 53.4 mm |
Weight |
25 g |
වැඩි විස්තර සහ තවත් දැනුමෙන් පිරි ලිපි සඳහා Techtalks.lk හි ලියාපදිංචි වන්න.
https://www.techtalks.lk/account/register
Круто, давно искал _________________ [URL=https://zekalocasino.topgameslist.xyz/kazino-prestizh-registraciya/]Казино престиж регистрация[/URL].
Read MoreИнтересная новость _________________ [URL=https://zekalocasino.topgameslist.xyz/bonus-registraciya-onlayn-kazino/]Бонус регистрация онлайн казино[/URL].
Read MorePlease login or register to post a comment.
There are currently no comments.